උඩු ගුවනේ දී ෆ්ලයි ඩුබායි යානයක නියමුවා සහ සහාය නියමුවා ගුටි කෙලියක – යානය හදිසියේම ගොඩබස්වයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

අදාළ යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස යානය හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානය අඩි 34,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී තත්ත්පර 30ක් වැනි සුළු කාලයක් තුළ හදිසියේම සහ ඉතා වේගයෙන් අඩි 17,000ක් පමණ පහළට ගමන් කර ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව අවස්ථා දෙකදී ගුවන් යානයෙන් හදිසි සංඥා ද නිකුත් කර ඇති බව ද සඳහන්.

පාඩුව අදාළ යානය ආරක්‍ෂිතව ටබුක් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් දෙදෙනා කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ දී 150 දෙනෙකු පමණ යානයේ සිට තිබෙනවා.

යානය ගොඩ බැස්සවූ පසු තුවාල ලබා සිටි එහි ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා රෝහල් ගත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57