ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
අදාළ යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස යානය හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යානය අඩි 34,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී තත්ත්පර 30ක් වැනි සුළු කාලයක් තුළ හදිසියේම සහ ඉතා වේගයෙන් අඩි 17,000ක් පමණ පහළට ගමන් කර ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
අනතුරුව අවස්ථා දෙකදී ගුවන් යානයෙන් හදිසි සංඥා ද නිකුත් කර ඇති බව ද සඳහන්.
පාඩුව අදාළ යානය ආරක්ෂිතව ටබුක් ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් දෙදෙනා කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ දී 150 දෙනෙකු පමණ යානයේ සිට තිබෙනවා.
යානය ගොඩ බැස්සවූ පසු තුවාල ලබා සිටි එහි ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා රෝහල් ගත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.













