ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද ඊය (28) පැවැත්වුණා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
තරුණ සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ ක්‍රීඩා ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව පුළුල් කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
එමෙන්ම ලබන වසරේ දී තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට ලබාදීමට හැකි බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම සහ දෙරටේ තරුණයන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර , චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටයා .













