බද්දේගම පොලිස් වසමේ හල්පෙතොට ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ඉලක්ක කර අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු වුණා.
මෙම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරීමට ගොස් යළි පැමිණෙමින් සිටි තැනතියක් බවයි තොරතුරු වාර්තා වුණේ.
අම්බලන්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 47හැවිරිදි මෙම කාන්තාව ‘කළු නෝනි’ නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තැනැත්තියක්.
වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා වයස අවුරුදු 46ක අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් බවට තොරතුරු වාර්තා වනවා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ත්‍රිරෝද රථයේ පසුපස පැමිණි මෝටර් රථයක සිටි වෙඩික්කරුවන් T56 වර්ගයේ ගින් අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර හික්කඩුව දෙසට පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.













