රුපියල් 48 ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකන් දෙදෙනා අවුරුදු 51 සහ 36 වැනි වියේ පසුවන අයවලුන් බවයි වාර්තා වුණේ.
මොවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් අද (27) දින අලුයම 12.45ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ , විවිධ වර්ගයේ දුම්වැටි 32,000ක් අඩංගු දුම්වැටි කාටූන් 160ක් සඟවා තිබිය දී
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනාට ඇප තැබීම සදහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා මෙම චීන ජාතිකයන් දෙදෙනා ශ්‍රී ලංකාව තුළ පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණා.
ලබන 29 වනදා සැකකාර චීන ජාතිකයින් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .













