ලක්ෂ 48ක රට සිගරට් ගෙන ආ චීන්නු දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී අල්ලලා

රුපියල් 48 ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකන් දෙදෙනා අවුරුදු 51 සහ 36 වැනි වියේ පසුවන අයවලුන් බවයි වාර්තා වුණේ.

මොවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් අද (27) දින අලුයම 12.45ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ , විවිධ වර්ගයේ දුම්වැටි 32,000ක් අඩංගු දුම්වැටි කාටූන් 160ක් සඟවා තිබිය දී
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාට ඇප තැබීම සදහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා මෙම චීන ජාතිකයන් දෙදෙනා ශ්‍රී ලංකාව තුළ පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණා.

ලබන 29 වනදා සැකකාර චීන ජාතිකයින් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24