ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය 2027 වසරට යෙදී තිබෙනවා.
ඒ අනුව, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබෙනවා.
එම අවබෝධතා ගිවිසුම මඟින් ද්විපාර්ශ්වික සබඳතා ඇගයීම සඳහාත්, ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහාත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විෂයයන් සම්බන්ධයෙන් තම ස්ථාවරයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාත්, නිත්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීම සඳහාත් පහසුකම් සැලසෙනවා.
ඒ අනුව, වසර 05 ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරනු ලැබුවා.













