අගුරුවාතොට පොලිස් වසමේ පොතිගමුව කන්ද ප්රදේශයේ ඊයේ (18) රාත්රීයේ සිදු වූ ආරවුලක් අතරතුර සිදු කළ පහරදීමකින්, පුද්ගලයෙක් විසින් සිය වැඩිමල් සහෝදරය ඝාතනය කර ඇති බව අගුරුවාතොට පොලිස් පවසනවා.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හල්තොට ,බාලසූරිය මාවත, පෙතිගමුව කන්ද ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක්.
වැඩිමහල් සහෝදරයා සිය මව සමඟ ඇතිකර ගත ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිමහල් පුත්රයාගේ පහරකෑමෙන් වැලකීම සඳහා අදාළ මව, සිය නිවස පිටුපස පිහිටි බාල පුත්රයාගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී වැඩිමහල් සහෝදරයා එම නිවසට ද ඇතුළු වී මවට පහරදීමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේ දී බාල සහෝදරයා පහර දීමක් සිදු කර ඇති අතර එම පහරදීමෙන් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය විසින් ඝටහනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.













