ගිනි අවියක් පෙන්වා බාර් එකක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය පොලිස් වසමේ අනුරාධපුර හන්දිය ආසන්නයේ පිහිටි රට බීම හලකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් පෙන්වා බිය ගන්වා මුදල් කොල්ලකෑමක් සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනයක් මඟින් මෙම අපරාධය සිදුකල බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු පැයක් වැනි කෙටි කාලයක් තුළ දී උප්පුවේලි පොලිස් වසමේ පිහිටි තාවකාලික නවාතැන්පලක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව කිලිපුංචිමලේ ප්‍රදේශයේ පිහිටි වෙඩි බෙහෙත් ගබඩාවක රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අවුරුදු 54 හා 61 වයස්වල පසුවන හක්‌මන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් සන්තකයේ තිබූ කොල්ලකන ලද බවට සැක කරන මුදල් රුපියල් 11500/=ක්(එකලොස්දහස් පන්සීයක්)ද, සැකකරුවන් පැමිණි යතුරු පැදියද, ටී 56 ගිනි අවියක් හා එම පතරොම් 29ක් අඩංගු පතරොම් ගැබක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40