ත්රිකුණාමලයේ සිට කොළඹ දක්වා බලපත්ර නොමැතිව මගීන් ප්රවාහනයේ යෙදුණු සුඛෝපභෝගී බස් රථයක් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ නිලධාරින් සහ පොලිසිය එක්ව පරීක්ෂාවට ලක්කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කරන බවට අදාළ බස් රථයේ රියදුරු දැනුවත් වී ඇති අතර, අනතුරුව ප්රධාන මාර්ගයෙන් ඉවත්ව අතුරු මාර්ගයක ද ධාවනය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම බස් රථය ලුහුබැඳ ගිය නිලධාරීන් බස් රථය සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ගගත ක්රමයට මෙම බස් රථයේ ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා දී ඇති බව පසුව විමර්ශන සිදු කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.
ආසන වෙන්කර රාත්රී කාලයේ ගමන් ආරම්භ කරන බස් රථ බවයි. නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගේ ප්රවාහන අධිකාරිය සහ චීන වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.













