බලපත්‍ර නොමැතිව සුඛෝපභෝගීව කොළඹට මගීන් ඇද්ද බස් රථයක් මාට්ටු

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනයේ යෙදුණු සුඛෝපභෝගී බස් රථයක් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් සහ පොලිසිය එක්ව පරීක්ෂාවට ලක්කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කරන බවට අදාළ බස් රථයේ රියදුරු දැනුවත් වී ඇති අතර, අනතුරුව ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව අතුරු මාර්ගයක ද ධාවනය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම බස් රථය ලුහුබැඳ ගිය නිලධාරීන් බස් රථය සිය භාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගගත ක්‍රමයට මෙම බස් රථයේ ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා දී ඇති බව පසුව විමර්ශන සිදු කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.

ආසන වෙන්කර රාත්‍රී කාලයේ ගමන් ආරම්භ කරන බස් රථ බවයි. නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය සහ චීන වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18