නාමල්ට ඉන්දීය රජයෙන් විශේෂ ආරාධනාවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වුණා.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායකයට ඉන්දියානු රජයෙන් එරට සංචාරයක් සඳහා ආරාධනාවක් ලැබී ඇති බවයි.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනී… මගේ සේවාදායකයාට සංචාරයක් සදහා ඉන්දිය රජය විසින් ආරාධනයක් එවා තිබෙනවා. එයට යාමට ඇත්තේ සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 01 වන දින දක්වා කාලයේදිය. එම ආරාධනය එවා ඇත්තේ ඉන්දීය රජය විසින්. තවද, සැප්තැම්බර් 26 වන දින මගේ සේවාදායකයාට හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොත් පැළඳීමට, එම විහාරයේ නායක හිමිනම විසින් අරාධනා කරලා තියෙනවා. එම පෙරහැර දළඳා පෙරහැරට පසු තිබෙන තවත් ඓතිහාසික පෙරහැරක්. මගේ සේවාදායකයා එයට සහභාගී නොවූවොත්, එහි නායක හිමිනමට කරන අගෞරවයක්” යනුවෙන් සඳහන් කළා.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායකයට ඉන්දියානු රජයෙන් එරට සංචාරයක් සඳහා ආරාධනාවක් ලැබී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06