සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ලද පැමිණිලි පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, එම පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගනු ලබන්නේද හෝ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේද යන්න පිළිබඳ මෙම විමර්ශනය සිදු කෙරෙනවා.
එමෙන්ම, කොළඹ මහාධිකරණයේ HC/FS/12/2026 යටතේ පවතින නඩු කටයුත්තට අදාළව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුම් ඇතුළු අනෙකුත් වත්කම් 2027.02.18 දින දක්වා අත්හිටුවීමට නියෝගයක්, අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.
මේ අතර, සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ මුදල් තැනපත්කරුවන් චෝදනා කරන්නේ ඔවුන්ට මාසිකව ගෙවීමට ඇති මුදල් තවමත් නොලැබුණු බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මෙහි ආයෝජනය කළ තැන්පත්කරුවන් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විමසමීට, අප සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.













