පුංචි ලෝකාන්තයෙන් වැටුණු තරුණයාගේ නිසල සිරුර හමුවෙයි

උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී මියගිය 27 හැවිරිදි තරුණයෙකුගේ මෘතදේහය ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් ඊයේ (16) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලද දැනුම් දීමකට අනූව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.

මීටර් 355ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට වැටී තිබූ මෘතදේහය වෙත ළඟා වූ භට පිරිස්, කඳුකර භූමි ප්‍රදේශය හරහා විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් මෘතදේහය ඊයේ (16) දවල් 12.30ට පමණ ආරක්ෂිතව ඉවතට ගෙන ඒමට සමත්ව තිබෙනවා.

අනතුරුව, මෘත දේහය වැඩිදුර නීතිමය කටයුතු සඳහා උඩුදුම්බර පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව තරුණයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34