නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 28 වනදා වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නේ මෙය මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.
කෙසේ වෙතත් මෙම නඩුකරය විභාගය සඳහා අවසන් වතාවට ඔක්තෝම්බර් මස 28 වන දා කැඳවන බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.













