24 වැනිදා FCIDයට එන්න කියා තිබූ ශිරන්ති අද පාන්දර රට ගිහින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදෙස් ගතව ඇති බව වාර්තා වනවා.

අද (16) අලුයම ශිරන්ති රාජපක්ෂ සිය ඥාතියෙක් සමඟ මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) දිනයේ දී කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ද ඇතුළත් කර තිබුණා.

මේ අතර ශිරන්ති රාජපක්ෂ හට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබන 24 වැනිදා කැඳවීමක් ද සිදු කර තිබෙනවා.