කොටහේන නගරයේ දී ඊයේ (14) රාත්රියේ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













