කෝටි 32ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළේ දමා ගිහින්

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ දමාගොස් තිබිය දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (15) අලුයම සොයාගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ ගමන් මලු පථ අංක 06 අසළ දමාගොස් තිබූ ගමන් මලු දෙකක් තුළ තිබිය දී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා.

රුපියල් කෝටි තිස්දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර, මේවා ගමන් මලු දෙකක් තුළ සුළං නොවදින ලෙස පැකැට් 60ක් තුළ අසුරා සකස් කර මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ (14) දිනයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් තිබූ බවටයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහය කර ගනමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු
අනාවරණය කර ගැනීම සදහා විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය අද (15) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06