වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් / මාධ්‍ය ප්‍රකාශක එස්.කේ පල්ලේතැන්න සඳහන් කළේ අද (14) දහවල් අදාළ බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බවයි.
මෙම නියාමකවරයා සිය සපත්තුව තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 98ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16ක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඇතුළත දී බන්ධනාගාර නිලධාරීන් විසින් මොහුව පරීක්ෂාවට ලක් කිරීමේ දී සඟවාගෙන සිටි මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිව තිබෙනවා.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ද සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.













