හලාවත නගර සභාවේ ගිනි නිවන රථය ගින්නක් නිවන්න යද්දී පෙරළිලා

හලාවත නගර සභාවට අයත් ගිනි නිවන රථය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ අද (14) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

මුන්දලම ප්‍රදේශයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සදහා ගිනි නිවන රථය ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මාර්ගයේ අනතුරු දායක ලෙස ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් සහ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් අනතුරින් මුදාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ රථය පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ගිනි නිවන රථයේ ගමන් කළ කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.