ඩීසල් අලෙවි කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද පාඩු විදීමට සිදුව ඇති බව තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.
කෙසේ වෙතත් පෙට්‍රල් අලෙවිය තුළින් කිසිම පෞද්ගලික තෙල් සමාගමකට පාඩුවක් සිදු නොවන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.
මේ වනවිට තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 60ක පමණ පාඩුවක් විදීමට සිදුව ඇති බව සඳහන් කළ සභාපතිවරයා, එම පාඩුව පිරිපහදුවෙන් පසුගිය කාලය තුළ ලැබුණු ලාභයත් සමඟ කළමනාකරණය කරගත හැකි බවයි ඔහු පැවසුවේ.
අද (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.













