සිදුවෙන්න ගිය විශාල අනතුරක් ලංගම බස් රියදුරාගේ ක්ෂණික තීරණයෙන් වැළකෙයි

කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ (12) රාත්‍රියේ ලක්වීමට ගිය දරුණු අනතුරක්, එහි රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.

බිබිල ඩිපෝවට අයත් මෙම බස් රථය බිබිල දෙසට ධාවනය වෙමින් තිබිය දී බිබිල, හෙවෙල්වෙල ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය එකවරම ගැල වී ගොස් තිබෙනවා.

එහිදී පාලනයෙන් ගිලිහුනු ත්‍රීරෝද රථය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථ රියදුරුවරයා ක්ෂණිකව බස් රථය මාර්ගයේ දකුණු පසට කපා ආරක්ෂිතව කානුවක් දෙසට යොමු කරමින් නවත්වා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රියදුරුගේ මෙම ක්ෂණික තීරණය හේතුවෙන් බස් රථයේ ගමන් කළ මගීන් රැසකගේ මෙන්ම ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිසගේ ද ජීවිත කිසිදු හානියකින් තොරව බේරී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් බස් රථයට සුළු හානි සිදුවී ඇති අතර, අනතුර වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල විපතක් වැළැක්වීමට කටයුතු කළ බසයේ රියදුරුට ප්‍රදේශවාසීන් සහ බස් රථයේ ගමන් කළ මගීන් සිය කෘතඥතාවය පුදකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53