දිවුලපිටියේ වත්තක බාගෙට කැපූ වළක තිබී මළසිරුරක් හමුවෙලා

දිවුලපිටිය, කුඩගම්මන ප්‍රදේශයේ වත්තක බාගෙට කැපු වළක තිබී මළසිරුරක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව දිවුලපිටිය පොලිස් ස්ථානයට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, එය මීට දින ගණනාවකට පෙර මියගොස් ඇතිඅයෙකුගේ බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර අද පෙරවරුවේ මෙම මළ සිරුර තිබූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ මළ සිරුර එම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බවයි දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දිවුලපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05