කිලිනොච්චි නගරයේ ඉන්ධන පිරවුම්හලක පෙරේදා (10) රාත්‍රී 08ට පමණ ඇති වූ ගැටුමක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ටිපර් රථයකට ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයෙකුට ඉන්ධන පිරවීමෙන් පසු එම වාහනය ඉදිරියට ගෙන යන ලෙස සේවකයා ඉල්ලා සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදු වූ බහිබස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ටිපර් රථ රියදුරු, තවත් පුද්ගලයන් පස් දෙනෙක් සමඟ පැමිණ ඉන්ධන පිරවුම්හලේ සිටි පිරිසකට පිහියෙන් ඇන පහර දී තිබෙනවා.
එලෙස පහරකෑමට ලක්වූ පිරිස අතර ඉන්ධන පිරවුම්හලේ හිමිකරු, කළමනාකරු, සේවකයෙක් සහ පාරිභෝගිකයෙක් ද වන බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා රෝහල් ගත කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පොලිසිය විසින් සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනේන්ක් මේ එන විට හඳුනාගෙන ඇති අතර,ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ
සකක්රුව්සන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතිනවා.













