ඉහළ යමින් තිබූ බොරතෙල් මිල ඉරාන තීරණයත් සමඟ ක්‍රමයෙන් පහතට

ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුදමය තත්ත්වය යළි උත්සන්න වීමත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දිනයේ ඩොලර් 108.2ක අගයක් ගෙන තිබූ අතර අද (12) දිනයේ මේ වනවිට එය ඩොලර් 104.6 දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දින සටහන් වූයේ ඩොලර් 103.3ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වනවිට එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනය වනවිට ඇමරිකානු ඩොලර් 100ක් දක්වා පහත වැටී ඇති ආකාරය වෙළඳපොළ වාර්තාවල දැක්වෙනවා.

මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) දිනයේ ඩොලර් 122.4ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර, එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනය වනවිට ඇමරිකානු ඩොලර් 119.5ක් දක්වා පහත වැටී තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමඟ මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31