ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු වෙනුවට නව තීරුබදු ක්‍රමයක්

ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු ඉවත් කර නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ, අනුව අදියර වශයෙන් මෙම සෙස් බදු ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් එම නිෂ්පාදනයන්ගේ ද පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

පළමුව අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම් අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවමකරවීමේ ප්‍රවේශයක් මෙමගින් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51