නිල සංචාරයක් සඳහා අද (08) දින දිවයිනට පැමිණි, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායේදී සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබුවා.
එමෙන්ම, මෙලෙස දිවයිනට පැමිණි දිගින් මීටර් 149.02ක් වන Frigate වර්ගයට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන කපිතාන් Vikas Sood සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වුණා.
මෙම යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයි.
තවද, මෙම යුද නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සහ ඒ සම්බන්ධ වෘත්තීය දැනුම හුවමාරුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් නෞකාව තුල පුහුණු වැඩසටහන් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.













