AFC Banner
Empty Ad
Empty Ad

විවාහ ගැන අලුත්ම හෙළිදරව්වක්

1960 වසරේ සිට ඉන්දියාවේ විවාහ සියයට 95 ක්ම සිදුව ඇත්තේ දෑවැදි මත පදනම්ව බව ලෝක බැංකුව සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්ත 17 කින් ඉන්දියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 96 ක් ආවරණය වන පරිදි දත්ත එක් රැස්කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි බී බී සී පුවත් සේවය සඳහන් කළේ.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ 1960 සහ 2008 කාලය තුළ සිදුව ඇති විවාහවලින් සියයට 95 ක්ම දෑවැදි මත පදනම්ව සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් 1961 වසරෙන් පසු ඉන්දියාවේ විවාහ සඳහා දෑවැදි ලබාගැනීම නීත්‍යානුකූලව වරදක් වනවා. කෙසේ වෙතත් ලෝක බැංකුව සිදුකළ අධ්‍යයනයේදී අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ විවාහයකදී මනමාලයාගේ පවුලෙන් මනමාලියගේ පවුලට ත්‍යාග ලබාදීමට රුපියල් පන්දහසක මුදලක් වැය කළද, මනමාලියගේ පවුලෙන් මනමාලයාට දෑවැදි ලබාදීම සඳහා රුපියල් 32,000 ක පමණ මුදලක් වැය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?