සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (08) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අද (08) දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ර ආරම්භ වන්නේ කතානායක ජගත් වික්රමරත්නගේ ප්රධානත්වයෙන්.
අද දිනයේ දී මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරණ අති විශේෂ ගැසට්පත්රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද අද දිනයේ පාර්ලිමේන්තු කටයුතුවලට ඇතුළත්.
අදින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ලබන 11 වන දින දක්වා පැවැත්වෙනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට අද දිනයේ සිට ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගීවීමට අවසර හිමි වුණා.
ඒ, අනුව මන්ත්රීවරයා අද (08) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.













