සඟවා තිබූ ගිනිඅවි ගැන තොරතුරු බස් ලලිත් වමාරයි – හංවැල්ලේ සොහොනකින් අවි 03ක් සොයාගෙන

ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තාගෙන්
සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ තොරතුරු මත සඟවා තිබූ ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබිය දී මෙම ගිනි අවි සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

T-56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙලෙස සොයාගත් ගිනි අවි අතරට අයත්.

අදාළ අවි ඉදිරියේ දී අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.