නාමල්ව බලන්න මහින්ද දෙවන දිනටත් වැලිකඩට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (07) දෙවන දිනටත් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ ද අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.