පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් දර්ශකය හෙට ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන ලෙස උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර පළාත්වලට සහ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල, ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ දී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) හෙට (08) ඉහළ මට්ට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.