මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට (08) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීමට අනුමැතිය හිමිව තිබෙනවා.
මන්ත්‍රීවරයාට ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීමට අවසර ඉල්ලා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා මෙම ඉල්ලීම සිදුකර තිබූ බවයි වාර්තා වුණේ.













