දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
අද (07) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා සිදු කිරීමට ද අධිකරණය නියම කරනු ලැබුවා.













