ඉලෙක්ට්‍රික් වාහනවලට නිකුත් කරන්නේ කොළ පැහැති අංක තහඩු – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විදුලි වාහන සඳහා නිකුත් කරන ලද කොළ පැහැති අංක තහඩු නීත්‍යානුකූලව වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අනෙකුත් වාහන සඳහා සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීම දිගටම කරගෙන යන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ලියාපදිංචි වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර ඇති බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව
2026 ජුනි 10 සහ 2026 අගෝස්තු 31 කාලය තුළ ලියාපදිංචි කරන ලද වාහන සඳහා අංක තහඩු 56,233ක් මෙයට ඇතුළත් බව පැවසුවා.