කිලෝමීටර් 36,000ක් ඉහළින් පෘථිවිය නිරීක්ෂණයට ඉන්දියාවෙන් අලුත් ඇසක්

ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට පළමු geosynchronous imaging satellite හෙවත් ඉහළ කක්ෂයක සිට පෘථිවිය නිරීක්ෂණය කරන EOS-05 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

GISAT-1A ලෙසද හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව, GSLV-F17 රොකට්ටුව මගින් ඊයේ (04) වැනිදා අලුයම ශ්‍රීහරිකෝටාහි Satish Dhawan අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරුණා.

මිනිත්තු 18කට පමණ පසු එය සැලසුම් කළ මූලික කක්ෂයට සාර්ථකව ඇතුළත් කළ බව ISRO සඳහන් කරනවා.

අවසානයේ පෘථිවියෙන් කිලෝමීටර් 36,000කට ආසන්න උසක ක්‍රියාත්මක වීමට නියමිත EOS-05 චන්ද්‍රිකාවට, විශාල භූමි ප්‍රදේශ නැවත නැවතත් නිරීක්ෂණය කරමින් ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව සුළි කුණාටු, ගංවතුර, ලැව්ගිනි සහ අනෙකුත් ස්වභාවික ආපදා නිරීක්ෂණය, කෘෂිකර්මාන්තය, වනාන්තර සහ පරිසර අධීක්ෂණය මෙන්ම උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ද මෙම චන්ද්‍රිකාව වැදගත් වනු ඇති.

2021 වසරේදී මෙවැනි හැකියාවක් ලබාගැනීමට ඉන්දියාව ගත් පළමු උත්සාහය අසාර්ථක වූ අතර, මෙවර මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ EOS-05 ඉන්දියාවේ නව Eye in the Sky ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19
Video thumbnail
නාමල් නැති අඩුපාඩුව පුරවන්න ලිමිණි අනුරාධපුර වේදිකාවට..?
00:58
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ්ට සමුදෙන්න ශෂීන්ද්‍ර සහ මර්වින් එයි - ශෂීන්ද්‍රව බදාගෙන හඬා වැටුණු හිතවතා
01:47
Video thumbnail
නාමල් කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ලියැවුණු චරිතයක්
04:30
Video thumbnail
බාප්පලාට නඩු, මහප්පලාට නඩු, මුළු පවුලටම නඩු
03:14
Video thumbnail
කතිරේ ගහපු එකේ වටිනාකම ජනතාවට කියන වසන්ත - නාමල් ඇතුළට ගියා ලබන 18 වෙනකල්
04:00
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට - අත දික් කරලා කියලා ගිය දේ
01:20
Video thumbnail
නාමල් වැරදි කරලා නෑ - නීතියට මුහුණ දෙන්න සූදානම්
02:02
Video thumbnail
ආණ්ඩුවේ කෙරුවාව සංජීව එකින් එක හෙළිකරයි ?විමර්ශන ආයතන දේශපාලන බලයට ඩැහැගෙන ඉවරයි
02:06