ඉන්දියාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරි වසර පහ තුළ දෙගුණයක් දක්වා ඉහළ නැංවීමට දෙරටේ නායකයන් එකඟ වී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෙල්ජියම් අග්‍රාමාත්‍ය Bart de Wever අතර ඉන්දියාවේ පැවති සාකච්ඡාවලදී වෙළෙඳාමට අමතරව ආරක්ෂක, පිරිසිදු බලශක්ති, තීරණාත්මක ඛනිජ, අර්ධ සන්නායක, පර්යේෂණ සහ පුහුණු ශ්‍රමික සංචරණය යන ක්ෂේත්රවල සහයෝගිතාව පුළුල් කිරීමට ද එකඟ වී තිබෙනවා.
බෙල්ජියම් සමාගම්වල ඉන්දීය ආයෝජන කඩිනම් කිරීම සඳහා විශේෂ Investment Fast-Track Mechanism ක්‍රමවේදයක් ද ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන සාකච්ඡාවලින් පසු නව වෙළෙඳ ගිවිසුමකට එකඟතාව පළකර ඇති පසුබිමකයි. බොහෝ භාණ්ඩ සඳහා තීරුබදු අඩු කිරීමට නියමිත එම ගිවිසුම 2026 අවසන් වීමට පෙර නිල වශයෙන් අත්සන් කිරීමට අපේක්ෂිතයි.
මේ අතර, අප්‍රේල් සිට ජූනි දක්වා කාර්තුවේ ඉන්දීය ආර්ථිකය වාර්ෂික පදනමින් සියයට 7.8කින් වර්ධනය වී ඇති අතර, එය වෙළෙඳපොළ අපේක්ෂාවන් ද ඉක්මවා ගිය වර්ධනයක් බව Reuters වාර්තා කරනවා.













