ඉන්දියා – බෙල්ජියම් වෙළෙඳාම දෙගුණ කිරීමට දෙරට අතර එකඟතාවක්

ඉන්දියාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරි වසර පහ තුළ දෙගුණයක් දක්වා ඉහළ නැංවීමට දෙරටේ නායකයන් එකඟ වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෙල්ජියම් අග්‍රාමාත්‍ය Bart de Wever අතර ඉන්දියාවේ පැවති සාකච්ඡාවලදී වෙළෙඳාමට අමතරව ආරක්ෂක, පිරිසිදු බලශක්ති, තීරණාත්මක ඛනිජ, අර්ධ සන්නායක, පර්යේෂණ සහ පුහුණු ශ්‍රමික සංචරණය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමට ද එකඟ වී තිබෙනවා.

බෙල්ජියම් සමාගම්වල ඉන්දීය ආයෝජන කඩිනම් කිරීම සඳහා විශේෂ Investment Fast-Track Mechanism ක්‍රමවේදයක් ද ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.

මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන සාකච්ඡාවලින් පසු නව වෙළෙඳ ගිවිසුමකට එකඟතාව පළකර ඇති පසුබිමකයි. බොහෝ භාණ්ඩ සඳහා තීරුබදු අඩු කිරීමට නියමිත එම ගිවිසුම 2026 අවසන් වීමට පෙර නිල වශයෙන් අත්සන් කිරීමට අපේක්ෂිතයි.

මේ අතර, අප්‍රේල් සිට ජූනි දක්වා කාර්තුවේ ඉන්දීය ආර්ථිකය වාර්ෂික පදනමින් සියයට 7.8කින් වර්ධනය වී ඇති අතර, එය වෙළෙඳපොළ අපේක්ෂාවන් ද ඉක්මවා ගිය වර්ධනයක් බව Reuters වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50