කොළඹ වරාය නගරයේ දී 2026.07.23 දින චීන ජාතික පිරිසක් විසින් චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, විමර්ශන සිදු කරන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙක් ඊයේ (04) දින කොළඹ වරාය නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 54 ක් වන චීන ජාතිකයෙක් බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













