අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,365ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩුකර, එහි නව මිල රුපියල් 1,750ක් ලෙස සඳහන් වනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක්.













