අද පස්වරු 02න් පසුව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක වැසි

ඌව, මධ්‍යම, නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (05) පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරින් ඇතැම් ස්ථානවලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත්, අද (05) දින දහවල් 12:08 ට මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල් ගස්හින්න, යුදගනාව, කොටියාගල, පානම යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51