අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරු 09.00ට පමණ නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියා.
එලෙස පැමිණි අවස්ථාවේ දී ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරව මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අද (04) ප්රවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුව ගත්තා.













