ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් හෙට (05) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, මොරටුව, කැස්බෑව, පොල්ගස්ඕවිට, හඳපාන්ගොඩ, ශ්‍රී පලාබද්දල, බගවන්තලව, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල සහ පනාම යන ප්‍රදේශවලට හෙට (05) දහවල් 12.08ට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ













