නේපාලයේ ගං වතුරකින් 08ක් මරුට – 400 කට ආසන්න පිරිසක් අතුරුදන්

නේපාලයේ නුවකොට් සහ ධාඩිං දිස්ත්‍රික්ක හරහා බෝට් කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 400 කට ආසන්න පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශසීමාවේ සිය පැමිණි මෙම ගංවතුරෙන් නේපාලයේ ගම්මාන කිහිපයක්ම ගසාගෙන ගොස් ඇති බවයි.

නේපාලයේ මධ්‍යම පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අබිනාරායන් කෆ්ලේ උපුටා දක්වමින් නේපාල ප්‍රවෘත්ති වාර්තා කළේ, මේ වන විට නුවකොට් සහ ධාඩිං දිස්ත්‍රික්කවලින් අවම වශයෙන් මළ සිරුරු අටක් සොයාගෙන ඇති බවයි.

ඊට අමතරව විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 384 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අතුරුදන් වූවන් අතර නේපාල පොලිස් නිලධාරීන් 26 දෙනෙකු සිටින අතර, ඉන්දියානු ජාතිකයන් 105 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වර්ත් කරනවා.

මේ අතර නේපාල හමුදාව, හෙලිකොප්ටර් යානා සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ නිලධාරීන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලය යොදවා ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32