ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ බෲනායි ඩාරුසලාම් හි මහකොමසාරිස්, සිටි අර්නිෆරිසා බින්ති හාජි මොහ්ද් ජයිනි සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත් වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව පැවැති මෙම හමුවේ දී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
බෲනායි සුල්තාන්වරයාගේ රාජප්‍රාප්ති සංවත්සරය සහ ඊට අනුබද්ධ සංස්කෘතික/සංචාරක වැඩසටහන් ඇතුළු ඉදිරි විශේෂ උත්සව සම්බන්ධයෙන් මෙහිදී බෲනායි ඩාරුසලාම් හි මහකොමසාරිස්වරිය විසින් අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබුවා.
බෲනායිහි සුල්තාන් රජුගේ රාජප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා, දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පැවසුවා.
බෲනායි වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා තේ සඳහා ඉහළ ප්‍රසාදයක් පවතින බව මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රකාශ කළා.
බෲනායි රාජ්‍යය ආහාර සඳහා සහල් පිටරටින් ආනයනය කරන අතර, ශ්‍රී ලංකාවෙන් සහල් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා.













