ගොවීන්ට මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න සාධාරණ අයිතියක් නෑ -ජනපති

තමාට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක පවතිනවා. මුළු ලෝකයේම එතැනට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙමෙයි. ඉදිරියට යෑමක්. අපි දන්නවා කාබනික පොහොරවලට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මගේ ආරක්ෂක අංශයේ ඉන්න හුඟාක් අය ගෙන්නුවේ ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒ අයගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග. මේවාගෙන් කවුද දුක්විදිනේනේ. ගොවියා… එදා යම්කිසි මුදලක් පොහොරවලට ගෙව්වා ඒක අද නොමිලේ හම්බ වුණා. එදා රුපියල් 30ට වත් විකුණ ගන්න බැරිව විශාල මෝල් හිමියන් ගත්තේ රු 25 – 28 ගත්තේ වී. අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40