දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන් විසින් කරන ලද අදහස් පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
පසුගිය සතියේ ඉරිදාපැවති වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත කළ අදහස් අන්තර්ජාලය හරහා සංසරණය වීමෙන් පසු ඒවා සමාජ මාධ්‍යවල සමච්චලයට ලක්වීම පිළිබඳව ඇති වූ කනස්සල්ලෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
විභාගයෙන් පසු දරුවන් විසින් කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද අවස්ථා නිරීක්ෂණය කර ඇති බවයි අමාත්‍යාංශය පවසනවා.
දෙමාපියන්ගෙන්, භාරකරුවන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් අවසර ලබා නොගෙන දරුවන්ගෙන් අදහස් ලබා ගැනීමට, පටිගත කිරීමට හෝ විකාශනය කිරීමට මාධ්‍ය සංවිධානවලට අවසර නොමැති බවයි ධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.













