හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකියි ට්‍රම්ප් කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වන්නේ හෝ වැසෙන්නේ කවදා ද යන්න තීරණය කරන්නේ තමන් පමණක් බවත් ට්‍රම්ප් ටෙහෙරානයට අවධාරනය කරනවා.

නිව්යෝර්ක්, ගාර්ඩන් සිටි හි පොලිස් ඇකඩමියට පැමිණි ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊයේ (14) මේ බව ප්‍රකාශ කළා.

ඉතා දරුණු ලෙස පරාජයට පත්වෙමින් සිටින ඉරානය පරාජය කිරීම අවසන් කිරීමෙන් පසු හැකි ඉක්මනින්, තමන් හෝමූස් සමුද්‍ර සන්ධිය එක්සත් ජනපදයේ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, සමුද්‍ර සන්ධිය විවෘත වන්නේ කවදාද යන්න හෝ වසා දමන්නේ කවදාද යන්න ඉරානය විසින් ගනු ලබන තීරණ මත සිදුවන බවයි.

වොෂින්ටනය එහි “උපායමාර්ගික පරාජය” පිළිගන්නා තෙක් එහි අවහිර කිරීම දිගටම කරගෙන යන බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46