ඊයේ (13) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 287 දෙනෙකු හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා.
ඒ, අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 91,346 දෙනෙක් වාර්තා වී ඇති බවයි එම ඒකකයට සඳහන් කළේ.
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරට තුළ මියගොස් ඇති සංඛ්‍යාව 68ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවල සඳහන්ව ඇත්තේ.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන හඳුනාගෙන ඇති අතර, එම පළාතෙන් හඳුනාගෙන ඇති
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48383ක්.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19467ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,133ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,526ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකයයේ දත්තවලට අනුව අගෝස්තු මාසයේ මුල් දින 13 තුළ දී ඩෙංගු රෝගීන් 6,004 දෙනෙක් හඳුනාගෙන ඇති බව සඳහන්.













