ඊයේ දිනට මෙරටින් ඩෙංගු රෝගීන් 287ක් – සමස්ත රෝගීන් ගණන 91,346ක් දක්වා ඉහළට

ඊයේ (13) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 287 දෙනෙකු හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා.

ඒ, අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 91,346 දෙනෙක් වාර්තා වී ඇති බවයි එම ඒකකයට සඳහන් කළේ.

එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරට තුළ මියගොස් ඇති සංඛ්‍යාව 68ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්තවල සඳහන්ව ඇත්තේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන හඳුනාගෙන ඇති අතර, එම පළාතෙන් හඳුනාගෙන ඇති
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48383ක්.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19467ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,133ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,526ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ඩෙංගු මර්ධන ඒකකයයේ දත්තවලට අනුව අගෝස්තු මාසයේ මුල් දින 13 තුළ දී ඩෙංගු රෝගීන් 6,004 දෙනෙක් හඳුනාගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38