​’ඩෙල්ටා’ සොයා රටපුරා PCR

දැනට කොළඹ ආශ්‍රිත ව්‍යාප්තව ඇති ‘ ඩෙල්ටා’ ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ආකාරය සොයා බැලීමට රට පුරා අහඹු පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.බස්නාහිර 60 පැනපු අය එන්නත ගන්න උනන්දු නැහැ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ⁣විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමකින් ‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත පුද්ගලයන් තිදෙනකු හමුවීමත් සමග එහි සේවකයන් තුන්සිය විසිඅටදෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇති බවත් මෙම පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (30 වැනිදා) පස්වරුව වන විටද ලැබී නොතිබුණු බවය.

“මීට අමතරව තවත් ආසාදිතයන් වාර්තා වෙන්න පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ අපිට සුළුකොට තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපිට දැනට ලැබිල තියෙන තොරතුරු හොඳටම ප්‍රමාණවත්, අපිට අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධාන තර කර ගැනීමට. එක පුද්ගලයකුගේ ලිහිලක් ඇති මේ වයිරසය රට පුරා ව්‍යාප්තවීමට. ඒ නිසා උණ තත්ත්වයන් තිබෙන පුද්ගලයන් සේවයට කැඳවීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආවරණයවූ, වායුසමීකරණ සහිත ස්ථානවලදී මුහුණු ආවරණ ඉවත් කරනවා නම් මේක බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් පස් දෙනකු පළමු වරට හමුවූයේ දෙමටගොඩ ප්‍රදේශයෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගිය ජුනි 17වැනිදා ඒ බව අණාවරණය කළේය. ඉන් අනතුරුව ජුලි 21වැනිදා මාදිවෙල ප්‍රදේශයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු සොයාගත් අතර කොළඹ නගර සීමාවෙන් තවත් ඩෙල්ටා ආසාදිතයකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

වරුණි පෙරමුණ /නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?