​’ඩෙල්ටා’ සොයා රටපුරා PCR

දැනට කොළඹ ආශ්‍රිත ව්‍යාප්තව ඇති ‘ ඩෙල්ටා’ ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ආකාරය සොයා බැලීමට රට පුරා අහඹු පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.බස්නාහිර 60 පැනපු අය එන්නත ගන්න උනන්දු නැහැ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ⁣විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමකින් ‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිත බවට සැක සහිත පුද්ගලයන් තිදෙනකු හමුවීමත් සමග එහි සේවකයන් තුන්සිය විසිඅටදෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවරගෙන ඇති බවත් මෙම පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (30 වැනිදා) පස්වරුව වන විටද ලැබී නොතිබුණු බවය.

“මීට අමතරව තවත් ආසාදිතයන් වාර්තා වෙන්න පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ අපිට සුළුකොට තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපිට දැනට ලැබිල තියෙන තොරතුරු හොඳටම ප්‍රමාණවත්, අපිට අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධාන තර කර ගැනීමට. එක පුද්ගලයකුගේ ලිහිලක් ඇති මේ වයිරසය රට පුරා ව්‍යාප්තවීමට. ඒ නිසා උණ තත්ත්වයන් තිබෙන පුද්ගලයන් සේවයට කැඳවීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආවරණයවූ, වායුසමීකරණ සහිත ස්ථානවලදී මුහුණු ආවරණ ඉවත් කරනවා නම් මේක බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් පස් දෙනකු පළමු වරට හමුවූයේ දෙමටගොඩ ප්‍රදේශයෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනයේ සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගිය ජුනි 17වැනිදා ඒ බව අණාවරණය කළේය. ඉන් අනතුරුව ජුලි 21වැනිදා මාදිවෙල ප්‍රදේශයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු සොයාගත් අතර කොළඹ නගර සීමාවෙන් තවත් ඩෙල්ටා ආසාදිතයකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

වරුණි පෙරමුණ /නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43